ශක්ති කවයේ නව යෝජනා

*කාර්යාලය පිළිවෙළට සැකසීම

කාර්යාලයේ පිරිසිදු  බව හා පිළිවෙල සුරකිමේ අමරමුණින් කාර්යාල නිලධාරින් පරිහරණය කරන මේස,පුටු, ලිපිද්‍රව්‍ය  තැන්පත් කරන කබඩ් ආදිය එක් එක් අංශය සඳහාකැපී පෙනෙන වෙනස් කමකින් යුක්තව සකස් කිරීම එනම් එක් අංශයක් සඳහා එකම වර්ගයේ මා එකම ප්‍රමාණයේ මේස,පුටු,කබඩ් හා මේස රෙදි හා නාම පුවරු සඳහා එකම වර්ණයක් භාවිතා කිරීම එමෙන්ම එම සකියළුම භාණ්ඩ නියමිත ස්ථානයන්හි ස්ථානගත  කිරීමට සලකුණු කිරීමට සලකුණු කිරීම මඟින් කාර්යාලීය පිළිවෙළ ආරක්ෂා කර ගැනීම මෙහි අරමුණවේ.


*තේ පැන් සංුහයට අවශ්‍ය මුදල් සපයා ගැනීම .

කාර්යාලීය සේවකයන්ගේ එකමුතු බව හා සමගිය වර්ධනය කිරිමේ අරමුණින් ඉදිරිපත් වු යෝජනාවක් ලෙස දිනපතා තේපැන් සංග්‍රහයක් භුක්ති විඳිම සඳහා කාර්යාලයේ නිලධාරීන් ගෙන් කිසියම් මුදලක් එකතු කිරීම අදහස් කෙරුණි. එහිදී එම මුදල සෑම මසක් ආරම්භයේම එකතු කර අවශ්‍ය කළමනා මිලදී ගෙන මාසය පුරාවට තේ පැන් සංග්‍රහය භුත්ති විදීමට අදහස් කරන ලදී.


*කාර්යාලයේ බුදු පහන සඳහා මුදල් සපයා ගැනීම

කාර්යාලීය සියළුම නිලධාරින් හා සේවකයන් සඳහා යහපතක් උදා කරලීමේ අරමුණින් දිනපතා උදෑසන තබනු ලබන බුදු පහන දැල්වීම සඳහා එයට අවශ්‍ය තෙල්,හදුන්කුරු පහන්තිර ආදිය මිලදී ගැනීමට බුදු පහන අසල පිට කැටයක් තැබීම. ඒ සඳහා ඕනෑම  නිලධාරීයකුට තමන් හැකි පමණින් ආධාර ලබා දීමෙන් එම මහඟු පුණ්‍ය කර්මයට දායක වීමට අවස්ථාව ලබා දීම මෙයින් අරමුණ කෙරේ.

*ශ්‍රමදානයක් පැවැත්වීම.

ඩෙංගු රෝගය මර්ධනය කිරීමට සහයෝගයක් දැකිවිමේ අරමුණින් කාර්යාලයේ අවට පිරිසිදු කිරීම හා ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම සඳහා කාර්යාලයේ සියළුම නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ශ්‍රමදාන ව්‍යාපෘතියක් දියත් කිරීම සුදුසු බව ‍යෝජනා කරන ලදි.

*කාර්යාලීය ගෙවත්ත අලංකාරය.

කාර්යාලයේ  ප්‍රියමනාප බව හා ප්‍රයෝජනවත් බව ආරක්ෂා කර ගැනීමේ අරමුණින් කාර්යාලය පරිශ්‍රය  අවට ගේ මදුලේ මල් පාත්තියක් හෝ එළවළු පාත්තියක් සකස් කරඑීමට යෝජනා කරන ලදී එය කාර්යාලීය නිලධාරීන්ගේ මෙන්ම පාටතින් ආයතනයට පැමිණෙන පුද්ගලයන්ටද සතුට දනවන කාරුණක් වේ.

ඉහත යෝජනාවන් කෙටි කලකින් ඉදිරියේදී ක්‍රියාත්මක කර ආයතනයේ ඵලදායීතාවය හා දැකුම්කළු බව වර්ධනය කර ගැනීමට සම්මත කර ගැනීමෙන් අනතුරැව සභාතෝ සතුටින් විසිර ගියහ.

කාර්යාලීය පිළිවෙළ ආරක්ෂා කර ගැනීමට තවත් යෝජනාවක් ලෙස කාර්යාලීය කිලධාරීන්ගේ අත් බෑග්, හෙල්මට් ආදිය තැබීම සඳහා එක් එක් අංශයනට වෙන වෙනම රාක්ක සකස් කොට ඒ ඒ අංශයන් වෙත ලබා දීමට කටයුතු කිරීම.

කාර්යාලයේ නිලධාරීන්ගේ හා සේවකයන්ගේ පහසුව හා කාර්යාක්ෂම බව රේධනය කිරීමේ අරමුණින් කාර්යාලයේ භාවිතා කරන සවිච්චයන්,බල්බයන් හා විදුලි පංකාවන් අංකනය කිරීම , එනම් එම ස්විච්චයන් සඳහා ලබාදෙන අංකය ඒ අනුව භාවිතා කරන විදුලි පංකාවට හෝ බල්බයට ලබා දීම.